‘Commandant’s Cup Sailing Regatta - 2024’ ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි.

ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් සිව්වන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 අගෝස්තු මස 18 වන දින සිට දින හතරක් (04) ත්‍රීකුණාමලය, Sandy Bay මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම අද දින (2024 අගෝස්තු 21) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, Sandy Bay වෙරළ තීරයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka - YASL) අධීක්‍ෂණය යටතේ Open Championship ILCA 6, Cup Championship, Cup Championship Enterprise සහ Cup Championship ILCA 6 වශයෙන් කාණ්ඩ හතරක් (04) යටතේ පැවැත්වුණු මෙම තරඟාවලිය සඳහා චීනයේ ඩාලියන් නාවික විද්‍යාපීඨය (Dalian Naval Academy - China), ඉන්දීය නාවික විද්‍යාපීඨය (Indian Naval Academy), පකිස්තානු නාවික විද්‍යාපීඨය (Pakistan Naval Academy) සහ ත්‍රීකුණාමලය නාවික හා සගරික විද්‍යාපීඨය නි‍යෝජනය කරමින් පුහුණුවන නිලධාරීන් විසි දෙදෙනෙකු (22) සහභාගී විය.

ඒ අනුව, Open Championship ILCA 6 කාණ්ඩයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් (කිමිදුම්) ඒකේඩීඑස් ද සොයිසා විසින්ද, දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් (නාවික පාබල) එන්ඩබ් ලොකුලියන විසින් සහ තෙවන ස්ථානය ලුතිනන් කොමාන්ඩර් (පීඩබ්ඕ) බීපීඑම් ප්‍රනාන්දු විසින් දිනා ගැනීමට සමත් විය.

Cup Championship කාණ්ඩයේ පළමු ස්ථානය පකිස්ථානු නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරීන් වන Syed Sakhir Ali Shah, Saad Bin Khalid සහ Muhammad Abdullah Akram විසින් දිනා ගන්නා ලදී. එම කාණ්ඩයේ දෙවන ස්ථානය ඉන්දියානු නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරීන් වන P Kalyan Reddy, Boddapu Harish සහ Japman Avtar විසින්ද, එම කාණ්ඩයේ තෙවන ස්ථානය චීන නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරීන් වන Chen Zhi Hang, Xu Jia Hao සහ Deng Kuang Heng විසින් දිනා ගැනීමට සමත් විය.

Cup Championship Enterprise කාණ්ඩයේ පළමු ස්ථානය පකිස්ථානු නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරීන් වන Saad Bin Khalid සහ Muhammad Abdullah Akram විසින් දිනා ගන්නා ලදී. එම කාණ්ඩයේ දෙවන ස්ථානය ඉන්දියානු නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරීන් වන Boddapu Harish සහ Japman Avtar විසින්ද, එම කාණ්ඩයේ තෙවන ස්ථානය චීන නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරීන් වන Xu Jia Hao සහ Deng Kuang Heng විසින් දිනා ගැනීමට සමත් විය.

Cup Championship ILCA 6 කාණ්ඩයේ පළමු ස්ථානය ඉන්දියානු නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරී P Kalyan Reddy විසින්ද, එම කාණ්ඩයේ දෙවන ස්ථානය පකිස්ථානු නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරී Syed Sakhir Ali Shah විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය ස්ථානය චීන නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරී Chen Zhi Hang විසින් දිනා ගැනීමට සමත් විය.

මෙවැනි තරඟාවලි පැවැත්වීම මඟින් විදේශීය නාවික විද්‍යාපීඨයන්හී පුහුණු වන නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් අතර සහයෝගීත්වය වර්ධනය කිරීම හා අත්දැකීම් හුවමාරු කරගැනීම මෙන්ම, දිවයිනේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමත්, ජල ක්‍රීඩා කෙරෙහි සංචාරක ආකර්ශණය දිනාගැනීමත් නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නැගෙනහිර නාවික විධානයේ අඥාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු නාවික හමුදා මූලස්ථනයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, චීන, ඉන්දීය සහ පකිස්ථාන නාවික විද්‍යාපීඨයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka - YASL) සාමාජිකයන්, නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ සාමාජිකයන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගීවී සිටියහ.