මීගමුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් ශූරතාවලිය 2024 හි අනුශූරතාව නාවික හමුදාව දිනාගනියි

ගම්පහ දිස්ත්‍රික් චෙස් සංගමය, ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සමඟ එක්ව අට (08) වන වරටත් සංවිධානය කරන ලද මීගමුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් ශූරතාවලිය, 2024 අගෝස්තු මස 15 වන දින සිට 19 වන දින දක්වා ගම්පහ ජා ඇල, වෙට් වෝටර් රිසෝට්හිදී පවත්වන ලද අතර, එහි අනුශූරතාවය නාවික හමුදාව දිනාගැනීමට සමත්විය.

දේශීය සහ විදේශීය දක්‍ෂ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 451 ක් සහභාගී වූ මෙම චෙස් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ නායක නැවි එස්ඩබ්ජීඑම්සීඩීකේබී විජේකෝන් විසින් මෙලෙස සමස්ත තරඟාවලියේ අනුශූරතාව නාවික හමුදාවට දිනාදීමට සමත් විය.