Sri Lanka Sports Fiesta Colombo 2024 - Mini Football Championship තරඟාවලියේ පාපන්දු අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම දිනාගනී

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද Sri Lanka Sports Fiesta Colombo 2024 තරඟාවලියට සමඟාමීව පැවති Mini Football Championship පාපන්දු තරඟාවලිය 2024 අගෝස්තු මස 16 දින සිට 18 දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති අතර, එහි කාන්තා අනුශූරතාවය, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, මෙම තරඟාවලිය සඳහා කාන්තා පාපන්දු කණ්ඩායම් 06 ක් සහභාගී වූ අතර, තරඟාවලියේ අවසන් මහා තරඟය නාවික හමුදා කාන්තා කණ්ඩායම සහ රිනවුන් කාන්තා කණ්ඩායම සමඟ පැවත් විණි. තියුණු තරඟයකින් පසුව ගෝල 1-0 ක් ලෙස රිනවුන් කාන්තා කණ්ඩායමට ජය හිමිවූ අතර, නාවික හමුදා කාන්තා කණ්ඩායම Sri Lanka Sports Fiesta Colombo 2024 - Mini Football Championship තරඟාවලියේ අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා පාපන්දු සංචිතයේ සභාපති කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.