ගුවන් හමුදාධිපති කුසලාන සත් සමාජික රග්බි තරඟාවලිය - 2024 හි කාන්තා ශූරතාවය හා පිරිමි අනුශූරතාවය නාවික හමුදා රග්බි කණ්ඩායම් හිමි කර ගනී

2024 අගෝස්තු මස 16 සහ 18 වන දින කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති ගුවන් හමුදාධිපති කුසලාන සත් සමාජික රග්බි තරඟාවලිය - 2024 හි කාන්තා ශූරතාවය සහ පිරිමි බඳුන අනුශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කාන්තා හා පිරිමි ‘බී’ රග්බි කණ්ඩායම් සමත් විය.

ඒ අනුව, නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩයාම සහ ගුවන් හමුදා කාන්තා රග්බි කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයෙන් 15 - 00 ක් ලෙස ගුවන් හමුදා කාන්තා රග්බි කණ්ඩායම පරාජය කරමින් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම පහසු ජයක් ලැබීමට සමත්විය. පිරිමි බඳුන කුසලානය සඳහා නාවික හමුදා ‘බී’ රග්බි කණ්ඩායම හා පොලිස් රග්බි ‘බී’ කණ්ඩායම අතර පැවති තරඟය ලකුණු 12 - 12 ක් ලෙස සමවීමෙන් ප්‍රවර්ථන මඟින් ලකුණු ලබාදුන් අතර, එහිදී නාවික හමුදා ‘බී’ රග්බි කණ්ඩායම පිරිමි බඳුන අනුශූරතාවය දිනාගැනීමට සමත්විය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා රග්බි සංචිතයේ සභාපති කොමදෝරු සනත් පිටිගල ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.