ක්‍රීඩා පුවත්
ලිපිකරු ආර්එම්එන් රත්නායක ‘Mr. Novice - 2024’ කායවර්ධන තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් හිමිකර ගනියි
ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් සංවිධානය කරන ලද ‘Mr. Novice - 2024’ කායවර්ධන තරඟාවලිය 2024 ජුලි මස 28 වන දින දෙහිවල එස් ද එස් ජයසිංහ සමරු රඟහලේ දී පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා කායවර්ධන ක්‍රීඩක ලිපිකරු ආර්එම්එන් රත්නායක ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් විය.
30 Jul 2024
‘MAHAMERUWA RALLY CROSS – 2024’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදාව සමත් වෙයි
ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘MAHAMERUWA RALLY CROSS – 2024’ ධාවන තරඟාවලිය, 2024 ජූලි මස 28 වන දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා අති ධාවනකාරී යතුරු පැදි සංචිතයේ ක්‍රීඩකයින් සමත් විය.
30 Jul 2024


