ලිපිකරු ආර්එම්එන් රත්නායක ‘Mr. Novice - 2024’ කායවර්ධන තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් හිමිකර ගනියි

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් සංවිධානය කරන ලද ‘Mr. Novice - 2024’ කායවර්ධන තරඟාවලිය 2024 ජුලි මස 28 වන දින දෙහිවල එස් ද එස් ජයසිංහ සමරු රඟහලේ දී පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා කායවර්ධන ක්‍රීඩක ලිපිකරු ආර්එම්එන් රත්නායක ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් විය.

ඒ අනුව, දිවයිනේ ප්‍රකට කායවර්ධන සමාජ නියෝජනය කරමින් කායවර්ධන ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ Mr Novice - 2024 තරඟවලියේ කිලෝග්‍රෑම් 80 බර පන්තිය නියෝජනය කරමින් එම කාණ්ඩයේ පළමු ස්ථානයත්, Title තරඟ ඉසව්වේ දෙවන ස්ථානය සහ Men Physique තරඟ ඉසව්වේ තෙවන ස්ථානයත් මෙලෙස ලිපිකරු ආර්එම්එන් රත්නායක විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නියෝජිතයින් සහ නාවික හමුදා කායවර්ධන සංචිතයේ සභාපති කොමාණ්ඩර් නිරංග පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.