‘MAHAMERUWA RALLY CROSS – 2024’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘‍MAHAMERUWA RALLY CROSS – 2024’ ධාවන තරඟාවලිය, 2024 ජූලි මස 28 වන දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා අති ධාවනකාරී යතුරු පැදි සංචිතයේ ක්‍රීඩකයින් සමත් විය.

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා දිවයිනේ අති ධාවනකාරී යතුරුපැදි සංචිත නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගී වී සිටි අතර, එහිදී යතුරු පැදි ඉසව් දහ හතරක් (14) යටතේ මෙම තරඟාවලිය පැවැත්විණි.

ඒ අනුව, Racing 125CC තරඟයේ තෙවන ස්ථානය නායක ශාරීරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ විසින්ද, Standard 250CC තරඟයේ දෙවන ස්ථානය නායක ශාරීරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ විසින්ද, එහි තෙවන ස්ථානය නායක ප්‍රවාහන සහායක ඩීඑම්එස්එස් කුමාර විසින්ද හිමිකර ගැනීමට සමත් වූ අතර, Supermoto event – 01 සහ Supermoto event – 02 තරඟයන්හි පිළිවෙලින් තෙවන සහ දෙවන ස්ථාන හිමිකර ගැනීමට නායක ඉංජිනේරු කාර්මික එම්ඩීඩබ්පී කරුණාරත්න සමත්විය.