ශ්‍රී ලංකා අන්තර් මධ්‍ය බොක්සිං තරඟාවලිය - 2024 හි අනුශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් මධ්‍ය බොක්සිං තරඟාවලිය - 2024, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී, 2024 ජුනි මස 15 වන දින සිට ජුලි මස 18 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.

ඒ අනුව, දිවයිනේ ප්‍රකට බොක්සිං සංචිත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, නාවික හමුදාව නියෝජනය කරමින් පිරිමි බර පන්ති දහ තුනක් (13) සහ කාන්තා බර පන්ති හතරක් (04) යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනව දෙනෙකු (29) සහභාගි විය. එහිදී, කිලෝග්‍රෑම් 51 ට අඩු බර පන්තිය නි‍යෝජනය කල බල නාවික පාබල එස්අයි රන්මල්, කිලෝග්‍රෑම් 63.5 ට අඩු බර පන්තිය නි‍යෝජනය කල නායක නැවි එස්එම්සීඑස් සමරකෝන් සහ කිලෝග්‍රෑම් 71 ට අඩු බර පන්තිය නි‍යෝජනය කල නායක නැවි ඩබ්ඩීකේ ජයසිංහ විසින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ කිලෝග්‍රෑම් 50 ට වැඩි බර පන්තිය නියෝජනය කල කාන්තා ගබඩා සහකාර කේඑම්එම්ජී කෝණාර, කිලෝග්‍රෑම් 57 ට වැඩි බර පන්තිය නියෝජනය කල බල නැවි කේඑච් නවෝද්‍ය සහ කිලෝග්‍රෑම් 67 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක නාවික පාබල පීඑම්එම් දීප්තිවර්ධන විසින් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, කිලෝග්‍රෑම් 54 ට අඩු බර පන්තිය නියෝජනය කළ නායක නාවික පාබල කේඑම්ජීජී වතුරංග, කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තිය නියෝජනය කළ සාමාන්‍ය නැවි එස්ජීඩීඑස් බංඩාර, කිලෝග්‍රෑම් 67 ට අඩු බර පන්තිය නියෝජනය කළ සුළු නිලධාරි ආර්එම්ජේ සමීර, කිලෝග්‍රෑම් 71 ට අඩු බර පන්තිය නියෝජනය කළ නායක නැවි (විපා) ඒඑල්ජීඑම් බංඩාර, කිලෝග්‍රෑම් 75 ට අඩු බර පන්තිය නියෝජනය කළ බල නැවි (විපා) එච්එම්එස්එම්පී හේරත්, කිලෝග්‍රෑම් 81 ට අඩු බර පන්තිය නියෝජනය කළ බල ශාරීරික අභ්‍යාසක ඒඩබ්ඊ මධුෂාන්, කිලෝග්‍රෑම් 81 ට අඩු බර පන්තිය නියෝජනය කළ සාමාන්‍ය නැවි ජේපී කෞෂල්‍ය, කිලෝග්‍රෑම් 48 ට අඩු බර පන්තිය නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නැවි කේඒඩීඑම් සුපිමාල්, කිලෝග්‍රෑම් 52 ට අඩු බර පන්තිය නියෝජනය කළ කාන්තා ලිපිකරු ආර්එම්එස්එස් රත්නායක විසින් සහ කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නැවි පීඑස්ඩී පතිරණ විසින් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ හොඳම පරාජිතයාට හිමි කුසලානය බල නැවි කේඑච් නවෝද්‍ය විසින් දිනා ගන්නා ලදි.

තවද, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සිදු කෙරෙන සුවිශේෂි වැඩපිළිවෙල හේතුවෙන් නාවික හමුදා ක්‍රීඩකයින් හට නාවික හමුදාව වෙනුවෙන් මෙලෙස ජයග්‍රහණ හිමි කර ගැනීමට මහත් පිටුවහලක් වී ඇත.