අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2024 සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2024, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2024 ජුලි මස 02 වන දින සිට 05 වන දින දක්වා පැවති අතර, එහි පිරිමි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින්ද, කාන්තා සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා සියලුම නාවික විධානයන් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 09ක් සහ කාන්තා කණ්ඩායම් 07 ක් සහභාගී වූ අතර, අවසන් දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු එම්ඩීකේ විජේවර්ධන සහභාගී විය.

ඒ අනුව, තරඟාවලියේ පිරිමි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින්ද, අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින්ද හිමිකරගත් අතර, කාන්තා සමස්ථ ශූරතාවය අඛණ්ඩව හත්වන (07) වරටත් බටහිර නාවික විධානය විසින්ද, අනුශූරතාවය පුහුණු නාවික විධානය විසින්ද හිමිකර ගැනීමට සමත් විය.

එමෙන්ම, දක්‍ෂතම නැගීඑන ක්‍රීඩකයාට හිමි කුසලානය නැගෙනහිර නාවික විධානයේ ලුතිනන් ඩිඑම්සිඒ ජයසේකර විසින් හිමිකර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු වරුණ ෆර්ඩිනැන්ඩස්, නාවික අණ භාර නිලධාරි (වැලිසර) කොමදෝරු ප්‍රසාද් ජයසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.