19 වන සමස්ත ලංකා මේස පන්දු ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

Tibhar මේස පන්දු සමාජය විසින් 19 වන වරටත් සංවිධානය කරන ලද සමස්ත ලංකා මේස පන්දු ශූරතාවලිය, 2024 ජුනි මස 07, 08 සහ 09 යන දිනයන්හීදී අම්බලන්ගොඩ එස්ආර්එස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී විවෘත පිරිමි කේවල අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.

දිවයිනේ ප්‍රකට මේස පන්දු කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙසිය තිස් දෙදෙනෙකුගේ (232) පමණ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු (08) සහභාගි විය.

ඒ අනුව, නාවික හමුදා මේස පන්දු කණ්ඩායම නියෝජනය කරමින් විවෘත පිරිමි කේවල ශූරතාවය සඳහා සහභාගී වූ සාමාන්‍ය නැවි එච්පී වර්ෂවිතාන එහි අනු ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර, විවෘත කාන්තා කේවල තරඟය සඳහා සහභාගි වු සාමාන්‍ය කාන්තා නැවි එස්ඩීවයිඑම්එන්එස් සිව්රත්න පුර්ව අර්ධ අවසාන (Pre Quarter Final) තරඟය තෙක් තරඟ කිරීමට සමත් විය.