එරංග භාතිය පාපැදි සවාරියේ පිරිමි සහ කාන්තා තෙවන ස්ථාන නාවික හමුදාව දිනාගනියි

2024 ජුනි මස 01 වන දින මිරිස්වත්ත ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති එරංග භාතිය පාපැදි සවාරියේ පිරිමි සහ කාන්තා තෙවන ස්ථාන නාවික හමුදාව විසින් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ පැවැත් වූ එරංග භාතිය පාපැදි සවාරිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට පාපැදි සංචිත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, පිළිකුත්තුව මංසන්ධියෙන් අරම්භ කෙරුණු පිරිමි පාපැදි ධාවන තරගය බුත්පිටිය හංදිය, මල්වතුහිරිපිටිය, වතුරගම, නෙල්ලිගහමුල, යක්කල සහ මිරිස්වත්ත යන නගර හරහා වට හයකින් සමන්විතව කිලෝමීටර් 138.8 ක දුරක් ධාවනය කෙරිණි. එහිදී පැය 03 යි විනාඩි 18 යි තත්පර 10 කදී තරඟය අවසන් කල නාවික හමුදා ක්‍රීඩක නායක නැවි ජීජේඑච් කුමාර විසින් තරඟාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

තවද, පිළිකුත්තුව මංසන්ධියෙන් අරම්භ කෙරුණු කාන්තා පාපැදි ධාවන තරගය බුත්පිටිය හංදිය, මල්වතුහිරිපිටිය, වතුරගම, නෙල්ලිගහමුල, යක්කල සහ මිරිස්වත්ත යන නගර හරහා වට තුනකින් සමන්විතව කිලෝමීටර් 68.4 ක දුරක් ධාවනය කෙරිණි. එහිදී පැය 02 යි විනාඩි 08 යි තත්පර 07 කදී තරඟය අවසන් කල නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි ඩබ්ඒඒ සඳමිනි විසින් තරඟාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.