‘අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය - 2024’ නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

‘අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය - 2024’, 2024 ජුනි මස 01 සහ 02 යන දිනයන්හීදී ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහි පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ කාන්තා ශූරතාවය දකුණු නාවික විධානය විසින් හිමි කර ගැනීමට සමත් විය.

අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලියේ ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටි අතර, පිරිමි අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් හා කාන්තා අනුශූරතාවය පුහුණු විධානය විසින් හිමි කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේදී දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය සහ පිටිය ඉසව්වෙන් දක්ෂතම ක්‍රීඩකයා‍ට හිමි සම්මානය දියත් විධානයේ ලුතිනන් එන්ජීවයි දිලාන් විසින්ද, ජවන ඉසව්වෙන් දක්ෂතම ක්‍රීඩකයා‍ට හිමි සම්මානය පුහුණු විධානයේ නායක නැවි ඩබ්එම්ඩීඑම් වාසල විසින්ද, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දකුණු නාවික විධානයේ ආධුනික කාන්තා නැවි ඩබ්ඒඑන්ඒ වීරප්පෙරුම විසින්ද, ජවන ඉසව්වෙන් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දකුණු නාවික විධානයේ ආධුනික කාන්තා නැවි ජීපීඑස් උමයන්ගනී විසින් සහ පිටිය ඉසව්වෙන් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දකුණු නාවික විධානයේ ආධුනික කාන්තා නැවි ඩබ්ඒඑන්ඒ වීරප්පෙරුම විසින් හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝසප් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.