අන්තර් විධාන වේඩිතැබීමේ තරඟාවලිය - 2024 උතුරු මැද නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

2024 මැයි 15 වන දින සිට 17 වන දින දක්වා පැවති අන්තර් විධාන වේඩිතැබීමේ තරඟාවලිය - 2024, නාවික හමුදා වෙඩි සංචිතයේ සභාපති කොමදෝරු නිශාන් රණවීර ගේ ආරාධනයෙන් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩිපිටියේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

අන්තර් විධාන වේඩිතැබීමේ තරඟාවලිය සඳහා සියළුම විධානයන් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් එකසිය හැට දෙනෙකු (160) පමණ පිරිසක් සහභාගී වූ අතර, පිරිමි රයිෆල් සහ පිස්තෝල විධාන ශුරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ එහි අනුශූරතාවය පුහුණු විධානය විසින් දිනාගත් අතර, සමස්ථ රයිෆල් සහ පිස්තෝල අධියරේ දක්ෂතම ක්‍රිඩකයාට හිමි සම්මානය නැගෙනහිර නාවික විධානයේ ප්‍රධාන සුළු නිලධාරි එච්ආර්පීජේඑස් රත්නායක විසින් දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, කාන්තා රයිෆල් සහ පිස්තෝල විධාන ශුරතාවය උතුරු මැද නාවික විධානය විසින් සහ එහි අනුශුරතාවය දකුණු නාවික විධානය විසින් දිනා ගත් අතර, සමස්ථ රයිෆල් සහ පිස්තෝල අධියරේ කාන්තා ශුරතාවය දකුණු නාවික විධානයේ උප ලුතිනන් ඩබ්ආර්වි ප්‍රඥ්ඥාරත්න විසින් දිනා ගැනීමට සමත් විය.