2024 ජාතික කරාතේ ශුරතාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 අප්‍රේල් මස 27 වන දින සිට 29 වන දින දක්වා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවති 2024 ජාතික කරාතේ ශුරතාවලියේදී නාවික හමුදා පිරිමි හා කාන්තා කරාතේ කණ්ඩායම් රන් පදක්කම් හතරක් (04) රිදී පදක්කම් තුනක් (03) සහ ලෝකඩ පදක්කම් නවයක් (09) දිනාගැනීමට සමත් විය.

පිරිමි හා කාන්තා වශයෙන් පැවති මෙම තරඟාවලියේදී, කිලෝග්‍රෑම් 55 කළු පටි ශ්‍රේණියේ ලෝකඩ පදක්කම නායක නැවි ටීකේඑච් ලක්මාල් විසින්ද, කිලෝග්‍රෑම් 60 කළු පටි ශ්‍රේණියේ රිදී පදක්කම නායක නැවි එස්එස් ජයවීර සහ එහි ලෝකඩ පදක්කම නායක නැවි එච්එස්සී වීරකෝන් විසින්ද, කිලෝග්‍රෑම් 75 කළු පටි ශ්‍රේණියේ ලෝකඩ පදක්කම නායක නැවි එස්ටීඑස් සමරසේකර විසින්ද, කිලෝග්‍රෑම් 84 කළු පටි ශ්‍රේණියේ රන් පදක්කම නායක නැවි ආර්ඩීඒසී පෙරේරා විසින්ද, KATA BLACK BELT අංශයේ ලෝකඩ පදක්කම නායක නැවි ඩබ්ආර් කුමාර විසින්ද, TEAM KATA OPEN අංශයේ තරඟ වැදුනු සුළු නිලධාරි කේඑම්ජී ගුණසිංහ, නායක නැවි කේඒජේ හේමාල්, නායක නැවි ඩබ්ආර් කුමාර සහ නායක නැවි බීඑම් සෙනෙවිරත්න විසින් ලෝකඩ පදක්කම්ද දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, කිලෝග්‍රෑම් 55 දුඹුරු පටි (LEVEL 4) ශ්‍රේණියේ ලෝකඩ පදක්කම බල නැවි ආර්එම්ආර්කේ ජයසූරිය විසින්ද, කිලෝග්‍රෑම් 67 දුඹුරු පටි (LEVEL 4) ශ්‍රේණියේ ලෝකඩ පදක්කම සුළු නිලධාරි ඒඑම්එස්කේ බණ්ඩාර විසින්ද, කිලෝග්‍රෑම් 84 ට වැඩි දුඹුරු පටි (LEVEL 4) ශ්‍රේණියේ රන් පදක්කම නායක සංඥා ආර්එන්පී චන්ද්‍රසේකර සහ එහි රිදී පදක්කම නායක සූපවේදී එම්පී පුෂ්පලාල් විසින්ද, KATA BROWN BELT ( LEVEL 4) ශ්‍රේණියේ ලෝකඩ පදක්කම සුළු නිලධාරි ආර්පීඑස්සී ජයවර්ධන විසින් සහ එහි ලෝකඩ පදක්කම නායක නැවි ඒඩීඑන්එස් ආරියරත්න විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, කාන්තා අංශයේ තරඟයේදී, කිලෝග්‍රෑම් 68 ට අඩු කළු පටි ශ්‍රේණියේ රන් පදක්කම බල කාන්තා නැවි කේඒසී දුලන්ජලී විසින්ද, කිලෝග්‍රෑම් 68 ට අඩු LEVEL 4 ශ්‍රේණියේ රන් පදක්කම බල කාන්තා නැවි ජීඑස් ප්‍ර‍බෝධා විසින් සහ කිලෝග්‍රෑම් 68 ට වැඩි LEVEL 4 ශ්‍රේණියේ රිදී පදක්කම නායක කාන්තා නැවි ආර්ඩීඩී ගුණවර්ධන විසින්ද දිනා ගැනීමට සමත් විය.