නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික 63 වැනි පාකිස්ථාන ජාතික ආධුනික ගොල්ෆ් ශූරතාවලියේ ජේආර් ජයවර්ධන කුසලානය දිනාගනියි

2024 අප්‍රේල් මස 18 වන දින සිට 2024 අප්‍රේල් මස 21 වන දින දක්වා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් පිහිටි Margalla Greens Golf Club හි පැවති 63 වැනි පාකිස්ථාන ජාතික ආධුනික ගොල්ෆ් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික සහ කොළඹ රාජකීය ගොල්ෆ් සංගමයේ උචිත රණසිංහ විසින් ජේආර් ජයවර්ධන කුසලානය දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, 63 වැනි පාකිස්ථාන ජාතික ආධුනික ගොල්ෆ් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික සහ ඔහුගේ ගොල්ෆ් සගයා වූ උචිත රණසිංහ විසින් මුළු ලකුණු 148 ක් ලබා ගනිමින් ජේආර් ජයවර්ධන කුසලානය දිනාගැනීමට සමත් විය.

තවද, ඒකල ඉසව්වේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සාමාන්‍ය නැවි චලිත පුෂ්පික ලකුණු 289 ක් ලබාගනිමින් 63 වැනි පාකිස්ථාන ජාතික ආධුනික ගොල්ෆ් ශූරතාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත් විය.