නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික SLG Golf National Ranking ප්‍රථම ස්ථානය දිනා ගනියි

2024 මාර්තු මස 25 වන දින සිට 28 වන දින දක්වා බොරැල්ල, ‍රෝයල් කලම්බෝ ගොල්ෆ් ක්ලබ් (Royal Colombo Golf Club – Borella) හි පැවති SLG Golf National Ranking තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික සමත් විය.

ඒ අනුව, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26ක් අතුරින් මුළු ලකුණු 284 ක් ලබා ගනිමින් තරඟාවලියේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික සමත් විය.