ක්‍රීඩා පුවත්
‘Sweep & Shoot 2024 Two Gun Championship’ වෙඩි තැබිමේ තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
2024 ජනවාරි මස 12 සිට 14 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පැවති ‘Sweep & Shoot 2024 Two gun Championship’ ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබිමේ තරඟාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒකල හා කණ්ඩායම් වශයෙන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.
17 Jan 2024
ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට ගෙනදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපති ගේ ඇගයීමට
ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට හිමි කරදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2024 ජනවාරි මස 16 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, මව්බිමට අභිමානයක් ගෙනදෙමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලද සුවිශේෂී ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ අගයමින්, එහිදී නාවික හමුදාධිපති විසින් ඔවුන් වෙත වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.
17 Jan 2024


