‘Sweep & Shoot 2024 Two Gun Championship’ වෙඩි තැබිමේ තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 ජනවාරි මස 12 සිට 14 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පැවති ‘Sweep & Shoot 2024 Two gun Championship’ ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබිමේ තරඟාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒකල හා කණ්ඩායම් වශයෙන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය ඇතුළු දිවයිනේ ප්‍රකට වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී විය. ඒ අනුව, පිරිමි විවෘත අංශයේ (ඒකළ) රන් පදක්කම, පිරිමි විවෘත අංශයේ (ඒකළ) ලෝකඩ පදක්කම, කාන්තා විවෘත අංශයේ (ඒකළ) රන් පදක්කම, කාන්තා විවෘත අංශය (ඒකළ) රිදී පදක්කම, පිරිමි සම්මත අංශයේ (ඒකළ) රන් පදක්කම, පිරිමි සම්මත අංශයේ (ඒකළ) ලෝකඩ පදක්කම, කාන්තා සම්මත අංශයේ (ඒකළ) රන් පදක්කම සහ කාන්තා සම්මත අංශයේ (ඒකළ) රිදී පදක්කම දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

එමෙන්ම, විවෘත අංශයේ (කණ්ඩායම්) රන් පදක්කම, සම්මත අංශ‍යේ (කණ්ඩායම්) පිරිමි රන් පදක්කම, නිෂ්පාදිත අංශයේ (කණ්ඩායම්) පිරිමි රිදී පදක්කම, Standard Shot Gun Overall රන් පදක්කම, Standard Shot Gun Overall රිදී පදක්කම, Standard Shot Gun Overall ලෝකඩ පදක්කම, Standard Manual Shot Gun Overall රන් පදක්කම සහ Standard Manual Shot Gun Women රිදී පදක්කම වශයෙන් කණ්ඩායම් ජයග්‍රහණ දිනා ගැනීමට නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ජාතික රයිෆල් සංගමය ඇතුළු යුද, නාවික, ගුවන් හමුදා සහ පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.