‘‍මහමේරුව සුපර් ක්‍රොස්’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘‍මහමේරුව සුපර් ක්‍රොස්’ ධාවන තරඟාවලිය, 2024 ජනවාරි මස 14 වන දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ හිමි කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය.

යතුරු පැදි ඉසව් එකොළහක් (11) ක් සහ මෝටර් රථ ඉසව් එකොළහක් (11) යටතේ පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙකු (03) සහභාගී විය. ඒ අනුව, 125cc Racing තරඟයේ ප්‍රථම ස්ථානය නායක ශාරිරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ විසින්ද, එහි දෙවන ස්ථානය නායක ප්‍රවාහන සහයක ඩීඑස්එස්එස් කුමාර විසින්ද, 120cc Standard තරඟයේ දෙවන ස්ථානය නායක ශාරිරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ විසින්ද දිනා ගනිමින් නාවික හමුදාවට ජයග්‍රහණ ලබාදීමට දායක විය.