නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික 37 වැනි බංගලාදේශ ආධුනික ගෝල්ෆ් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබයි

නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික 2024 ජනවාරි මස 31 වන දින සිට 2024 පෙබරවාරි මස 03 වන දින දක්වා බංගලාදේශයේ ඩකා හි කුර්මිටෝලා ගොල්ෆ් පිටියේදී පැවැත්වීමට නියමිත ඔරියන් සමූහ 37 වැනි බංගලාදේශ ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව, 2024 ජනවාරි මස 09 සහ 10 දෙදින කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී සංවිධානය කරන ලද තෝරා ගැනීමේ තරඟයේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ චලිත පුෂ්පික, මුළු ලකුණු 142 ක් ලබා ගනිමින් පළමු පෙළ ගොල්ෆ් ක්‍රීඩකයින් දස දෙනෙකු අභිබවා යමින් මෙලෙස ඔරියන් සමූහ 37 වැනි බංගලාදේශ ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

තවද, සාමාන්‍ය නැවි චලිත පුෂ්පික මීට පෙර ද දේශීය සහ වීදේශීය තරඟාවලි රැසක් සඳහා සහභාගී වී දක්‍ෂතා දැක්වීමට සමත් වී ඇත.