12 වන ආරක්ෂක සේවා ක්‍රිකට් තරගාවලිය - 2023 පිරිමි අනු ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2023 සැප්තැම්බර් මස 05 වන දින කටුනායක, ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා ක්‍රිකට් තරගාවලිය 2023 හි පිරිමි සමස්ථ අනු ශූරතාවය නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම් අතර පැවැත්විණි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නාවික හමුදා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 86 ක් ලබාගත් අතර, එම තරගය ජයගත් යුද හමුදා කණ්ඩායම 12 වන ආරක්‍ෂක සේවා ක්‍රිකට් ශූරතාවයත්, ශ්‍රී ලංකා නාවික හමුදාව එහි අනු ශූරතාවයත් මෙලෙස දිනාගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.