2023 අගෝස්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනයේ පැවති 2023 අන්තර් විධාන පාපැදි තරඟයේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් හිමි කර ගැනීමට සමත් වූ අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු තුෂාර උඩුගම සහභාගී විය.