12 වන ආරක්ෂක සේවා කැරම් තරගාවලියේ පිරිමි අනුශූරතාවය නාවික හමුදා පිරිමි කැරම් කාණ්ඩායම දිනා ගනියි

2023 අගෝස්තු මස 29 සහ 30 දෙදින ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා කැරම් තරගාවලියේ පිරිමි අනුශූරතාවය නාවික හමුදා පිරිමි කැරම් කාණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, යුද හමුදා පිරිමි කැරම් කණ්ඩායම සමඟ පැවති කේවල තරග 03 න් 02 ක් සහ යුගල තරගය සම ජයග්‍රහණය ලබමින් නාවික හමුදා පිරිමි කැරම් කණ්ඩායම 12 වන ආරක්‍ෂක සේවා කැරම් තරගාවලියේ පිරිමි අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී සිටි අතර, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරල, නාවික හමුදා කැරම් සංචිතයේ සභාපති කපිතාන් විරාජ් දංගම්පල ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.