ශ්‍රී ලංකා අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය 2023 හි ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය - 2023 හීදි රන් පදක්කම් 06 ක්, රීදී පදක්කම් 08 ක් හා ලෝකඩ පදක්කම් 05 ක් දිනාගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.

2023 අ‍ගෝස්තු මස 25 වන දින කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ බොක්සිං වළල්ලේදී (Royal MAS Boxing Arena) පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රකට බොක්සිං ක්‍රිඩා සමාජ රැසක් සහභාගී වී සිටි අතර, ශ්‍රීලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙ‍නෙකු මේ සඳහා සහභාගී විය.

එහිදී, කිලෝ ග්‍රෑම් 54, 57, 75 සහ 92 යන බර පංති යටතේ පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ බලනැවි ඒඑස් ප්‍රියංකර, බලනැවි ඊඩබ්ඒ සඳරුවන්, බලනැවි ආර්ජීයූඑස් රූපස්සර සහ බලනැවි පීඒආර්එල් විනෝද් යන ක්‍රීඩකයින් සහ කිලෝ ග්‍රෑම් 60 සහ 81 යන බර පංති යටතේ පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ බලකාන්තා නැවි එල්ආර්එස් සසංගි සහ බලකාන්තා නැවි එච්එම්එච්පී ජයකොඩි යන ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, කිලෝ ග්‍රෑම් 48, 51, 67, 71 සහ 86 යන බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් තරග කළ බලනැවි ඩබ්පී අරවින්ද, බල පාබල එස්අයි රන්මල්, නායක ඉංජිනේරු කාර්මික ආර්එම්ජේ සමීර, නායක නැවි ඩබ්ඩීකේ ජයසිංහ සහ බල ශාරීරික අභ්‍යාසක ඒඩබ්ඒ මදුශාන් යන ක්‍රීඩකයින් සහ කිලෝ ග්‍රෑම් 50, 52 සහ 54 යන බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් තරග කළ බල කාන්තා නැවි කේඑම්එම්ජේ කෝනාර, බල කාන්තා නැවි ආර්එම්එස්එස් රත්නායක සහ බල කාන්තා නැවි ආර්එම්වයිඩීබී මැණිකේ යන ක්‍රීඩිකාවන් රිදී පදක්කම් ද, කිලෝ ග්‍රෑම් 48, 51, 54, 60 සහ 80 යන බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් නායක ඉංජිනේරු කාර්මික ජීකේජීඩබ්යූ කුමාර, සාමාන්‍ය නැවි එච් මානවඩුගේ, බල පාබල කේඑම්ජීජී චතුරංග, නායක නැවි පීඑස් කුමාර සහ බලනැවි එම්එම්ඩී කුමාර යන ක්‍රීඩකයින් ලෝකඩ පදක්කම් ද දිනා ගැනීමට සමත් විය.

තවද, කිලෝ ග්‍රෑම් 50 බර පංතිය යටතේ ක්‍රීඩා කල බලකාන්තා නැවි කේඑම්එම්ජේ කෝනාර විසින් හොඳම පරාජිතයාට හිමි කුසලානය හිමිකර ගත් අතර, අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය - 2023 පුරා කැපීපෙනෙන දක්‍ෂතා පෙන්වමින් එම තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත්විය.