නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2023, මෙවර උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර රග්බි පිටියේ දී 2023 ජුලි මස 05 සිට 07 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය පුහුණු විධානය විසින් සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.