අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලියේ ශූරතාවය පුහුණු විධානය දිනා ගනියි

‘අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලිය’, 2023 මැයි මස 18 වන දින සිට 21 වන දින දක්වා උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ ක්‍රීඩා පිටියේ දී සාර්ථකව පැවති අතර, එහි පිරිමි හා කාන්තා සමස්ථ ශූරතාවයන් පුහුණු විධානය විසින් දිනාගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් පිරිමි හෑන්ඩ් බෝල් කණ්ඩායම් 09 ක් සහ කාන්තා හෑන්ඩ් බෝල් කණ්ඩායම් 06 ක් සහභාගී වූ අතර, ඉන් කාන්තා අනුශූරතාවය උතුරු නාවික විධානයත්, පිරිමි අනුශූරතාවය බටහිර නාවික විධානයත්, කාන්තා සහ පිරිමි ශූරතාවය පුහුණු විධානය විසින්ද දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, මෙම තරඟාවලියේදී දක්ෂතම දැල් පන්දු රකින්නිය ලෙස පුහුණු විධානය නියෝජනය කරමින් සහභාගී වූ බල කාන්තා ශාරීරික අභ්‍යාසක එස්එම්එස්පී සමරවීර විසින්ද, දක්ෂතම දැල් පන්දු රකින්නා ලෙස බටහිර නාවික විධානය නියෝජනය කරමින් සහභාගී වූ බලනැවි ඒපීවී විරාජ් විසින්ද, දක්ෂතම ප්‍රහාරිකාව ලෙස පුහුණු විධානය නියෝජනය කරමින් සහභාගී වූ නායක කාන්තා නැවි එල්ඒඑල් හේරත් විසින්ද, දක්ෂතම ප්‍රහාරකයා ලෙස බටහිර නාවික විධානය නියෝජනය කරමින් සහභාගී වූ සුළු නිලධාරි එස්එම්එල් ප්‍රියන්ත විසින්ද, දක්ෂතම ක්‍රිඩකයා ලෙස පුහුණු විධානය නියෝජනය කරමින් සහභාගී වූ නායක ශාරීරික අභ්‍යාසක කේඒ කුමාර විසින්ද, දක්ෂතම ක්‍රිඩිකාව ලෙස පුහුණු විධානය නියෝජනය කරමින් සහභාගී වූ නායක කාන්තා සංඥා ජීපීඑච්එල් ගමගේ විසින්ද දිනා ගැනිමට සමත් විය.

තවද, මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජානක නිස්සංක ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා හෑන්ඩ් බෝල් සංචිතයේ සභාපති ලුතිනන් කොමාණ්ඩර් එම්එස් නල්ලවංශ ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.