ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් කාන්තා අනුශූරතාවය දිනා ගනියි

දොළොස්වන (12) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි, ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවලිය 2023 අප්‍රේල් 20 සහ 21 යන දිනයන්හීදී, මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදි පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදා වොලිබෝල් කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා නාවික හමුදා වෙරළ වොලිබෝල් කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් අවසන් මහා තරඟය සඳහා බල කාන්තා නැවි ඒකේටී ලක්ෂාණි සහ සාමාන්‍ය කාන්තා නැවි එම්ජීඩී බණ්ඩාර යන ක්‍රීඩිකාවන් තරඟ කල අතර, එහිදී තරඟ වට 02-01 ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය හිමි කර ගත් අතර, අනුශුරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික අවි කොමදෝරු හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා නාවික හමුදා වෙරළ වොලිබෝල් සංචිතයේ සභාපති කපිතාන් රංජිත් වල්ගම්පාය ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.