12 වන ආරක්ෂක සේවා තරඟාවලියේදී තරඟ ශූරතාවයන් දිනා ගත් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපති ගේ ඇගයීමට

12 වන ආරක්ෂක සේවා තරඟාවලියේදී තරඟ ශූරතාවයන් දිනා ගත් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දින (2023 අප්‍රේල් 20) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් වැලිසර නාවික පරිශ්‍රයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ත ක්‍රීඩාගාරයේදී හමුවී, නාවික හමුදාවේ කීර්තිය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකල දායකත්වය ඇගයීමට ලක් කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 12 වන ආරක්ෂක සේවා තරඟාවලියේදී අත් පන්දු, බර ඉසිලීම, පාපැදි, මේස පන්දු, කබඩි, දුනු විදීම, දැල් පන්දු සහ මල්ලවපොර යන කණ්ඩායම් ඉසව්වන්ගෙන් ශූරතාවය දිනාගත් සහ ජූඩෝ, ටයිකොණ්ඩෝ සහ ඔරු පැදීම යන කේවල ඉසව්වන්ගෙන් ශූරතාවය දිනා ගත් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස ඇගයීමට ලක් කල නාවික හමුදාධිපති, එහිදී එම කණ්ඩායම් සමඟ සමූහ ඡායාරූප සඳහා පෙනී සිටින ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් නලීන් නවරත්න සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරල, ක්‍රීඩා සංචිතයන්ගේ සභාපතිවරු සහ පුහුණුකරුවන් සහභාගී වී සිටියහ.