ක්‍රීඩා පුවත්
හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලියේ කාන්තා අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපතිගේ ඇඟයීමට
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පසුගිය 2023 පෙබරවාරි මස 17 වන දින පැවති හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු (Beach Volleyball) තරඟාවලියේ කාන්තා අංශයේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නැවි එම්ජීඩී බංඩාර සහ සාමාන්‍ය කාන්තා නැවි ඒකේටී ලක්ෂාණී යන ක්‍රීඩිකාවන් දෙදෙනා (02) දිරිගැන්වීම උදෙසා එම ක්‍රීඩිකාවන් වෙත නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් රුපියල් 75,000.00 බැගින් වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම අද දින (2023 අප්‍රේල් 06) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
06 Apr 2023
07 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2023 සමස්ථ ශුරතාවය නාවික හමුදාව දිනාගනියි
07 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2023, වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී 2023 මාර්තු මස 29 වන දින සිට 2023 අප්‍රේල් මස 04 වන දින දක්වා පවත්වන ලද අතර, එහිදි ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.
06 Apr 2023


