“ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය - 2023’’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි

ශ්‍රි ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද “38 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය - 2023’’ තරඟාවලිය, 2023 මාර්තු මස 29 වන දින සිට අප්‍රේල් මස 01 වන දින දක්වා බත්තරමුල්ල, දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානය අසලදී පැවැත්විණ. එහිදී Junior, Intermediate සහ Senior යන අංශයන් යටතේ තරඟ පැවති අතර, එහි Intermediate අංශයේ ශුරතාවයන් සහ Senior අංශයේ අනුශූරතාවයන් නාවික හමුදා පිරිමි සහ කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම් දිනා ගැනීමට සමත් විය.

දින හතරක් පුරා පැවති මෙම තරඟාවලිය සඳහා දිවයිනේ ඔරු පැදිමේ ක්‍රීඩා සමාජ 21 ක් නියෝජනය කරමින් ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටි අතර, ඒ සඳහා නාවික හමුදා ඔරු පැදීමේ සංචිතය නියෝජනය කරමින් පිරිමි ක්‍රීඩකයන් 09 ක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 04 දෙනෙකු සහභාගී විය.

ඒ අනුව, මෙම තරඟාවලියේ ‘Senior National’ අංශය යටතේ ‘Open men’s fours’ තරඟයේ රන් පදක්කම් දිනාගැනීමට බලනැවි එච්ඒඑස්ජී හතුරුසිංහ, බලනැවි ඩබ්ජීඑස්එල් ගුණරත්න, බලපාබල ඊඑස්වීජේන් ප්‍රේමකුමාර සහ බලනැවි එන්ජීඒඑන් ගුණවර්ධන සමත් වූ අතර, ‘Open men’s pairs’ තරඟයෙන් බලපාබල ඊඑස්වීජේන් ප්‍රේමකුමාර සහ බලනැවි ජේඒඑන් මධුශංක රීදී පදක්කම් දිනාගැනීමටත්, ‘Open men’s scull pairs’ තරඟයෙන් බලපාබල පීජීඩීඑස් ගුණතිලක හා බලනැවි එස්එම්එච්ඩී සමරකෝන් රීදී පදක්කම් දිනා ගැනීමටත් සමත් විය.

එමෙන්ම, ‘Open women’s pairs’ තරඟයෙන් නායක කාන්තා නැවි ජීජීටීයූ සුමනතිස්ස සහ නායක කාන්තා නැවි ඩබ්ඒයූ සුභාෂිණි විසින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ Intermediate National අංශය යටතේ ‘Men’s fours’ තරඟයෙන් බලනැවි එච්ඒඑස්ජී හතුරුසිංහ, බලනැවි ඩබ්ජීඑස්එල් ගුණරත්න, බලනැවි බීජීඩීඅයි කරුණාරත්න සහ බලනැවි එන්ජීඒඑන් ගුණවර්ධන රන් පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර, ‘Men’s pairs’ තරඟයෙන් රන් පදක්කම් දිනා ගැනීමට බලනැවි බීජීඩීඅයි කරුණාරත්න සහ බලනැවි ඩබ්ඩීඑම්එස්පී නන්දසිරි ද, ‘Men’s scull pairs’ තරඟයෙන් රන් පදක්කම් දිනාගැනීමට බලපාබල පීජීඩීඑස් ගුණතිලක සහ බලනැවි එස්එම්එච්ඩී සමරකෝන් සහ ‘Men’s scull’ තරඟයේ රන් පදක්කම දිනාගැනීමට බලනැවි ඩබ්ඩීඑම්එස්පී නන්දසිරි සමත් විය.

තවද, ‘Women’s Quadruple scull fours’තරඟයෙන් උප ලුතිනන් එම්එන් මධුශානී, නායක කාන්තා නැවි ජීජීටීයූ සුමනතිස්ස, නායක කාන්තා නැවි ඩබ්ඒයූ සුභාෂිණි සහ බල කාන්තා නැවි එස්ඒඑස්එම් ජයසිංහ රන් පදක්කම් දිනාගනු ලැබූ අතර, ‘Women’s Quadruple scull pairs’ තරඟයේ රන් පදක්කම් දිනාගැනීමට උප ලුතිනන් එම්එන් මධුශානී සහ බල කාන්තා නැවි එස්ඒඑස්එම් ජයසිංහ සමත් විය.