2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරඟාවලියේ සිආර්ඇන්ඩ්එෆ්සි පරදා නාවික හමුදා කාන්තා කණ්ඩායම තරඟ ජයක් හිමි කර ගනී

2023 ජනවාරි මස 22 වන දින කොළඔ ලොන්ග්ඩන් පෙදෙසෙහි පැවති 2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරගාවලියේ සීආර්ඇන්ඩ්එෆ්සි කාන්තා රග්බි කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 30 - 05 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය.

ඒ අනුව, මෙම තරඟයේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ බල කාන්තා නැවි ආර්එස්එච් කුමාරි උත්සාහක දිනුම් 03 ක් ලබාගැනීමට සමත් වූ අතර, නායක කාන්තා ශාරීරික අභ්‍යාසක පී ඩිලානි, නායක කාන්තා නැවි ඒඑච්එස් මදුමාලි සහ නායක කාන්තා නැවි එන්ජේකේ දිල්රුක්ෂි උත්සාහක දිනුම් 01 බැඟින් ලබා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා රග්බි සංචිතයේ සභාපති කොමදෝරු සනත් පිටිගල, නාවික හමුදා රග්බි සංචිතයේ ලේකම් කපිතාන් ධම්මික අබේසුන්දර ඇතුළු නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.