ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම පරදා කඩුලු දෙකක තියුණු ජයක් ලබා ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2021 අප්‍රේල් 02 වන දින සමත් විය.