ක්‍රීඩා පුවත්

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2025 නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය, 2025 නොවැම්බර් 08 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරල් රවීන්ද්‍ර තිසේරා ගේ ප්‍රධානත්වයෙන්, නාවික තටාකාංගනය සහ සැන්ඩිබේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේදී පැවති අතර, එහි පිරිමි හා කාන්තා ශූරතා පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

12 Nov 2025

අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය 2025 නොවැම්බර් මස 04 වන දින සිට 07 වන දින දක්වා ශ්‍රීලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවති අතර, එහිදි පිහිනුම් පිරිමි ශූරතාවය දියත් විධානයත්, පිහිනුම් කාන්තා ශූරතාවය පුහුණු විධානයත්, දිය පන්දු පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත් සහ දියපන්දු කාන්තා ශූරතාවය පුහුණු විධානයත් හිමි කර ගැනීමට සමත්විය.

12 Nov 2025

නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2025, වැලිසර ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2025 ඔක්තොබර් මස 24 වන දින සිට 30 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟාවලියේ පිරිමි ශූරතාවය දියත් විධානයත්, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හිමිකර ගැනීමට සමත් විය.

12 Nov 2025

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඉන්දියා - 2025 හිදි නාවික හමුදා මලල ක්‍රීඩිකාවන් මව් බිමට පදක්කම් දිනා දීමට දායක වෙයි

දකුණු ආසියාතික කලාපීය රාජ්‍යයන්ගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝබර් මස 24 සිට 26 දක්වා ඉන්දියාවේ රංචි නගරයේ පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඉන්දියා 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ නාවික හමුදා ක්‍රීඩිකාවන් මව් බිමට රිදී සහ ලෝකඩ පදක්කම් දිනා දීමට දායක විය.

04 Nov 2025

09 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් නාවික හමුදාව හිමිකර ගනියි

09 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2025, වැලිසර, නාවික හමුදා වෙඩි තැබීමේ සංකිර්ණයේදී 2025 ඔක්තොබර් මස 16 වැනි දින සිට 28 වැනි දින දක්වා පවත්වන ලද අතර, එහිදි ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමත් විය.

31 Oct 2025

2025 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලියේ පිරිමි හා කාන්තා ශූරතාවය දියත් විධානය සහ දකුණු නාවික විධානය දිනා ගනියි

2025 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින සිට 08 වන දින දක්වා වැලිසර කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර, තරඟාවලියේ පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ එහි කාන්තා ශූරතාවය දකුණු නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

14 Oct 2025

13 වන ආරක්‍ෂක සේවා යතුරුපැදි ධාවන තරඟාවලියේදී නාවික හමුදාවට ලෝකඩ පදක්කමක්

13 වන වරටත් පැවැත්වූ ආරක්‍ෂක සේවා යතුරුපැදි ධාවන තරඟාවලිය, 2025 සැප්තැම්බර් මස 11 වැනි දින සාලියපුර යුද හමුදා ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ Racing 125 CC තරඟයේ තෙවන ස්ථානය දිනාගැනීමට නාවික හමුදාව සමත්විය.

17 Sep 2025

අන්තර් විධාන ස්කොෂ් ශූරතාවලිය - 2025 ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2025 සැප්තැම්බර් මස 02 සිට 05 දක්වා ත්‍රීකුණාමලය නාවික තටාකාංගන ස්කොෂ් ක්‍රීඩා පිටියේදී සාර්ථකව පැවති අතර, තරඟාවලියෙහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත්විය.

08 Sep 2025

‘ගජබා සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

SRI LANKA AUTO SPOTS DRIVERS ASSOCIATION ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ‘ගජබා සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලිය, 2025 අගෝස්තු මස 31 වැනි දින සාලියපුර, ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී සාර්ථකව පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.

08 Sep 2025

2025 අන්තර් විධාන ටෙනිස් ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගනියි

2025 අගෝස්තු මස 27 වැනි දින සිට සැප්තැම්බර් මස 02 වැනි දින දක්වා ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී පැවති ‘අන්තර් විධාන ටෙනිස් ශූරතාවලිය - 2025’ හී ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය පුහුණු විධානයට හිමි විය.

05 Sep 2025