Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

ශ්‍රී ලංකාවේ  නෙදර්ලන්ත රාජධානියේ තානාපති ඇතුළු පිරිසක් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

01 Sep 2026

ශ්‍රී ලංකාවේ  නෙදර්ලන්ත රාජධානියේ තානාපති, අතිගරු වීබේ ජැකෝබ් ඩී බෝයර් (H.E. Wiebe Jakob DE BOER) ඇතුළු නියෝජිතයින් පිරිසක් අද දින (2026 සැප්තැම්බර් 01) නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, එම නිල සංචාරය අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ හමු විය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ  නෙදර්ලන්ත රාජධානියේ තානාපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු වැදගත් කරුණු පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් මෙහිදී සිදුකෙරිණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Accessibility Tools