Sri Lanka Navy – Official Logo

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 02 ක් යාපනයේදී නීතියේ රැහැනට

13 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ යාත්‍රාවක් (01) සහ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් හත්සිය හතළිහක් (1740) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මඟින්, යාපනය කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස අල්ලා ගොඩ බිමට ප්‍රවාහනය කරමින් තිබූ මෙම මුහුදු කූඩැල්ලන් තොගය සමඟ අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් (02) මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 41ක් සහ 46ක් වන සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools