Sri Lanka Navy – Official Logo

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 830කට අධික තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

17 May 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම උතුරු මුහුදේ සහ නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ 2026 මැයි මස 15 හා 16 දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය තිහකට (830) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා සහ ගජබා යන ආයතන මඟින්, මන්නාරම උතුරු මුහුදේ හා නඩුකුඩා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, සැකකටයුතු උර දොළහක් (12) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උරතුල අසුරා, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය තිස් එකක (831) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් සුරක්‍ෂිතව නාවික හමුදාව භාරයේ තබා ඇත.

Accessibility Tools