මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 1575කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් තවත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2021 සැප්තැම්බර් මස 10 වන දින අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 1575කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 170 ග්‍රෑම් 866ක තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනෙකු අද (2021 සැප්තැම්බර් 18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලදී.
18 Sep 2021
මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයෙහි අද (2021 සැප්තැම්බර් මස 16) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.
16 Sep 2021
රුපියල් මිලියන 14 කට ආසන්න වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම, වංකාලේහීදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ අද (2021 සැප්තැම්බර් 15) උදෑසන සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 47 ග්‍රෑම් 100ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Sep 2021
රුපියල් මිලියන 79කට අධික විථී වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 14 වන දින මධ්‍යම රාත්‍රීයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Sep 2021
නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72000 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ අද අළුයම (2021 සැප්තැම්බර් 12) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72542ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Sep 2021
නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ ඇතුළු තවත් භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් කල්පිටිය තුඩාව සහ මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයන්හි 2021 සැප්තැම්බර් 10 මධ්‍යම රාත්‍රීයේ දී සහ අද අළුයම (2021 සැප්තැම්බර් 11) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1628කට අධික තොගයක් සහ විදුලි උපාංග තොගයක් සමඟ සැකකරුවන් 05ක් සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Sep 2021
නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ යාපනය කළපුවේ සහ සිලාවතුර අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ 2021 සැප්තැම්බර් 09 සහ 10 දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05ක් සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
10 Sep 2021
මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් සිලාවතුර සාවාරිපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (2021 සැප්තැම්බර් මස 09) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1172 පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Sep 2021
තවත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 06 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 38 ග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Sep 2021
රුපියල් මිලියන 68කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
නාවික හමුදාව වෙත්තලකේනි, අලියවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (2021 සැප්තැම්බර් 05) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 227 ග්‍රෑම් 400ක (ඇසුරුම් සහිත බර) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Sep 2021


