මෙහෙයුම් පුවත්
ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් 04ක් සිඳුරළ නෞකාවෙන් හම්බන්තොට වරාය වෙත රැගෙන එයි
හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත අද උදෑසන (2025 ඔක්තෝබර් 31) රැගෙන විත්, වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
31 Oct 2025
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ 793ක තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය එක්ව, 2025 ඔක්තෝබර් මස 28 වැනි දින කල්පිටිය ඉප්පන්තිව් දුපතේ සහ මීගමුව මාඔය කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය අනූතුනක (793) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Oct 2025
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 21 වැනි දින සිට 24 වැනි දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
30 Oct 2025
ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදා ගැනීමේ මෙහෙයුමට සිඳුරළ නෞකාව පිටත් වෙයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පෙරලී ආපදාවට පත්ව ඇති කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගැනීමට සමත් වූ අතර, ආපදාතත්වයට පත් මෙම ධීවරයින් පිරිස මුදා ගැනීමේ වැඩිදුර මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
30 Oct 2025
නීති විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 956 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තුඩාව වෙරළ සහ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ඔක්තෝබර් මස 27 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් නවසිය පනස් හයක (956) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
28 Oct 2025
නැගෙනහිර මුහුදේ දී අසාධ්‍ය තත්වයට පත් MV IYO නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ත්‍රිකුණාමලය ප්‍රදේශයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ MV IYO නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ, අසාධ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට 2025 ඔක්තෝබර් මස 26 වැනි දින කටයුතු කෙරිණි.
27 Oct 2025
නාවික හමුදාව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් ප්‍රධාන යන්ත්‍ර අක්‍රියව දකුණු මුහුදේ ආපදාවට පත් MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගනියි
26 Oct 2025
නීති විරෝධී ධීවර මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 28 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 ඔක්තෝබර් 08 සිට ඔක්තෝබර් 19 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් විසිඅටදෙනෙකු (28) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
23 Oct 2025
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1416 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ඔක්තෝබර් මස 21 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය දහසයක (1416) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Oct 2025
කාර්මික දෝෂයක් හෙතුවෙන් ආපදාවට පත්ව යාපනය අනලතිව් දුපත දෙසට පාවී පැමිණි ඉන්දීය ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් 03ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
කාර්මික දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිත වී ආපදාවට පත්ව, යාපනය අනලතිව් දුපත අසලදී ඉන්දීය ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් තිදෙනෙකු (03) ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සාර්ථක සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, නිරුපද්‍රිතව මුදාගැනීමට 2025 ඔක්තෝබර් මස 16 දින කටයුතු කෙරිණි.
22 Oct 2025


