මෙහෙයුම් පුවත්

මෙරට බහුදින ධීවර යාත්‍රාවක සූක්ෂම ලෙස සකස් කල කුටීර තුළ සඟවා ප්‍රවාහනය කල රුපියල් මිලියන 3250 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131 ක පමණ තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ (කිලෝමීටර් 700 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරාය‍ට රැගෙන විත් සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, එම යාත්‍රාවේ සූක්ෂම ලෙස සකස් කල කුටීර තුළ සඟවා තිබූ රුපියල් මිලියන 3250 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 131 ග්‍රෑම් 754 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම 2024 ජුනි මස 15 වන දින ගාල්ල වරායේදී සිදු කෙරිණි.

16 Jun 2024

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනී

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 400 ක් පමණ දුර ( කිලෝමීටර් 740 ) ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන අද දින සන්ධ්‍යවේ (2024 ජුනි 14) ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කෙරිණි. මෙම බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 150 ක් පමණ තිබෙන බවට සැක කෙරෙන අතර, නාවික හමුදාව විසින් යාත්‍රාවේ අභ්‍යන්තර කොටස් මේ වන විට පරීක්ෂා කරමින් පවතී.

14 Jun 2024

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, වතිරායන් සහ නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 13 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Jun 2024

රුපියල් මිලියන 109 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; කන්කසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය තාලයඩි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 ජුනි 13) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හැත්තෑ තුනකට (273) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

13 Jun 2024

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, කඩෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Jun 2024

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 4600 ක් සමඟ සැකකරුවෙක් රාගමදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේ 2024 ජුනි මස 11 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි හාරදහස් හයසියයක (4600) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

12 Jun 2024

නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් අනුරාධපුරයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය හා එක්ව 2024 ජුනි මස 11 වන දින අනුරාධපුර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති නවසිය දහ අටක (918) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

12 Jun 2024

රුපියල් මිලියන 24 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2024 ජුනි මස 08 වන දින යාපනය වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැටකට (60) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

09 Jun 2024

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ දායකත්වය

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් 2024 ජුනි මස 07 වන දිනද ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරුණු අතර, කණ්ඩායම් දහ තුනක් (13) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සඳහා අනුයුක්තව ඇත.

07 Jun 2024

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම්, පාලම් තුල අවහිරතා ඉවත් කිරීම් සහ පිලිසකර කිරීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩව සහය

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් 2024 ජුනි මස 06 වන දිනද ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරුණු අතර, කණ්ඩායම් තිස් හයක් (36) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සඳහා අනුයුක්තව ඇත. එමෙන්ම, අධික වැසි හේතුවෙන් ජල පහරට ගසාගෙන ගොස් තිබූ අඹතලේ ජල පවිත්‍රාගාරයේ ඉන්ධන බාධකය පිළිසකර කිරීම, කඩුවෙල හෙට්ටිගේ ඇල අවහිර වෙමින් සිරවී තිබූ විශාල ගසක් ඉවත් කිරීම සහ ගාල්ල වක්වැල්ල පාලම තුල සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමද අද දින (2024 ජුනි 06) නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරිණි.

06 Jun 2024