මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 191 කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් කොළඹ සිට නාවික සැතපුම් 120 ක් පමණ (කිලෝමීටර් 222 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 191 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) 2024 ජුනි මස 24 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, අද දින(2024 ජුනි 26) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව පරික්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
26 Jun 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 ජුනි 25) අළුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම මෙහෙයුම අතරතුර නාවික හමුදා අත්අඩංගුවට පත්වීමට එරෙහිව අනතුරුදායක හා කලහකාරී ලෙස (Aggressive Manoeuvres) ඉන්දීය ධීවර යාත්‍රාව හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත් විය.
25 Jun 2024
රුපියල් මිලියන 05 ක පමණ දළ වීථි වටිනාකමින් යුත් හෙරොයින් සමඟ සැකකරුවන් 03 ක් වත්තලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව අද දින (2024 ජුනි 24) වත්තල ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් දෙසීයක (0.200) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) හා සැකකාරියක් (01) සහ ත්‍රීරෝද රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
24 Jun 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 46 ක පමණ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ අද දින (2024 ජුනි 24) උදෑසන කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හතළිස් හයක (46) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Jun 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජුනි මස 22 වන දින රාත්‍රී කාලයේ සහ අද දින (2024 ජුනි 23) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Jun 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 407 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම ප්‍රදේශයේ 2024 ජුනි මස 22 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හතක (407) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Jun 2024
රුපියල් මිලියන 20 කට අධික දළ වීථි වටිනාකමින් යුත් දේශීය ගංජා සමඟ සැකකරුවන් 02 ක් තිස්සමහාරාමයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කිරින්ද පොලිසිය එක්ව 2024 ජුනි මස 20 වන දින රාත්‍රී කාලයේ තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, දේශීය ගංජා කිලෝග්‍රෑම් එකසිය හතරකට (104) අධික තොගයක් ප්‍රවාහනය සඳහා සූදානම් කළ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කැබ් රථයක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
21 Jun 2024
ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2024 ජුනි මස 19 වන දින ක්‍රියාත්මක කෙරිණි.
20 Jun 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජුනි මස 18 වන දින අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Jun 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 702 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව ප්‍රදේශයේ 2024 ජුනි මස 15 වන දින අළුයම් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය දෙකක (702) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Jun 2024