මෙහෙයුම් පුවත්

නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ ග්‍රෑම් 1373 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද දින (2024 ජුලි 10) අළුයම් කාලයේ පුත්තලම පල්ලියවාසල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 1373 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Jul 2024

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 355 කට අධික තොගයක් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2024 ජුලි මස 08 වන දින සහ අද දින (2024 ජුලි 09) කල්පිටිය කලපුවේ පෙරිය අරිච්චාල් දූපතේ සහ මන්නාරම පේසාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් තුන් සියය පනස් පහකට (355) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ට්‍රෝලර් යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

09 Jul 2024

පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල සැකකරුවන් 05 ක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා 2024 ජුලි මස 07 වන දින දකුණු මුහුදේදී අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

09 Jul 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2888 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 08) සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් අටසියය අසූ අටක (2888) පමණ තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ කැබ් රථයක් සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙ‍රිණි.

08 Jul 2024

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 3000 ක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කොළඹ වරාය නගර පිවිසුම අසල ප්‍රදේශයේ අද දින (2024 ජුලි 06) සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි තුන් දහසක (3000) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

06 Jul 2024

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 38 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ඉරනකේනි, නිලාවේලි, මුලතිව් කෝකිලායි, වෙත්තලකේනි චලෙයි, එරක්කන්ඩි සහ ත්‍රීකුණාමලය එළිසබෙත් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 ජුනි මස 30 වන දින සිට 2024 ජුලි මස 03 වන දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් තිස් අටක් (38) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Jul 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ඩව් යාත්‍රා 04 ක් සමඟ ඉන්දීය ධීවරයින් 25 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 ජුලි 01) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ඩව් යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු (25) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

01 Jul 2024

“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය ධීවරයා විජයබාහු නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත රැගෙන එයි

“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අද දින (2024 ජුලි 01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

01 Jul 2024

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ‘MV KOTA CAMIL’ නෞකාවෙන් රැගෙන ආ “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය ධීවරයා විජයබාහු නෞකාව වෙත ලබා ගනියි

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාවක් මඟින් අද දින (2024 ජුනි 30) උදෑසන මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, එලෙස මුදවාගත් ධීවරයින් දෙදෙනා (02) ගෙන් එක් අයෙකු (01) ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට පත්ව ඇත. අසාද්‍ය තත්වයේ සිටි අනෙක් ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත අද දින (2024 ජුනි 30) සන්ද්‍යාවේදී දෙවුන්දර සිට නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 314 ක පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ලබා ගැනීමට කටයුතු කෙරිණි.

30 Jun 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1713 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ 2024 ජුනි මස 28 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ ළදු කැලෑවක් තුළ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1713 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

29 Jun 2024