මෙහෙයුම් පුවත්

තලෙයිමන්නාරම වෙරළට ගසාගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 208 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඌරුමලේ සහ පරණ පාලම වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 11 සහ 12 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, එම වෙරළ ප්‍රදේශ වෙත ගසාගෙන එන ලද බීඩි කොළ කිලෝ දෙසිය අටක (208) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

14 Aug 2024

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ සහ එම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නවදෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Aug 2024

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවෙක් සිලාවතුරේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව සිලාවතුර, පුතුකුඩිරිප්පු ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 13) උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නිවසක් තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය අසූ දෙකක (482) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

13 Aug 2024

බීඩි කොළ කිලෝ 2,689 ක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් 03 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට දකුණෙන් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන්වූ වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හයසිය අසූ නවයක තොගයක් (2,689) (තෙත බර සහිත) රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනෙක් (03) 2024 අගෝස්තු මස 12 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

13 Aug 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 410 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 10 සහ 11 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝ හාරසිය දහයයි (410) ග්‍රෑම් අටසීයක (800) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

12 Aug 2024

නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් වෙන්නප්පුව වෙරළ තීරයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, වෙන්නප්පුව වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් වෙන්නප්පුව තල් දෙක (කඩවත) ප්‍රදේශයට පැමිණ රහසිගතව ගොඩ බැසීමට උත්සහ කල ශ්‍රී ලාංකිකයෙකු, 2024 අගෝස්තු මස 10 වන දින සන්ධ්‍යාවේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

11 Aug 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,068 ක් රැගත් ඩිංගි යාත්‍රා 03 ක් සමඟ සැකකරුවන් 06 ක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 09 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හැට අටක (2,068) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

10 Aug 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 3524 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කන්දකුලිය වෙරළ ප්‍රදේශයේ සහ උච්චමුණිය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 08 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්දහස් පන්සීය විසි හතරක (3524) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

09 Aug 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 අගෝස්තු මස 08 වන දින මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ඩව් යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් තිස්පස් දෙනෙකු (35) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

09 Aug 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 689 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම, එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 08) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථයකට පටවමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය අසූ නවයක (689) පමණ තොගයක් සමඟ ලොරි රථයක්, ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

08 Aug 2024