මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 400 ක තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව කලපුව ආශ්‍රිතව බසියාවත්ත ප්‍රදේශයේ දී 2024 සැප්තැම්බර් මස 25 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසීයක (400) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Sep 2024
කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත්ව මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් යථාතත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහය

කාර්මික දෝශයක් හේතුවෙන් යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ පුද්ගලයින් පස්දෙනෙකු (05) රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් 2024 සැප්තැම්බර් මස 22 වන දින පරීක්‍ෂා කර, එම කාර්මික දෝශය යථාතත්වයට පත්කර මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට 2024 සැප්තැම්බර් මස 23 වන දින පිටත් කර හැරීමට නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණි.
24 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1318 කට අධික තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම සහා මන්නාරම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 21 සහ 22 දෙදින තුල සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ එක්දහස් තුන්සිය දහ අටයි ග්‍රෑම් විසි දෙකක (1318.22) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Sep 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2024 සැප්තැම්බර් 21) යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් තිස් හත් දෙනෙකු (37) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 506 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම සහ මන්නාරම වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 20 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය හයක (506) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 810 ක තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව, පුත්තලම ආලංකුඩා ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 19 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය දහයයක (810) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,648 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම සිට කෝලන්කනත්ත දක්වා වු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සහ කෝලන්කනත්ත වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 17 සහ 18 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හයසිය හතලිස් අටකට (1,648) අධීක තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Sep 2024
වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ජින්නපුරම් මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් කර්නාටකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 17 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 2 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 17 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Sep 2024
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අනතුරට පත්වූ, මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත ලබාගැනීමෙන් අනතුරුව, අද දින (2024 සැප්තැම්බර් 18) ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කොළඹ, ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
18 Sep 2024