මෙහෙයුම් පුවත්

වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය අරිසිමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 09 වන දින සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හතර දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) හා ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Oct 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 ඔක්තෝබර් මස 09 වන දින යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි එක් දෙනෙකු (21) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

10 Oct 2024

මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 09 වන දින බොරැල්ල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා රැගෙනයමින් තිබූ මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) සහ ප්‍රවාහනය සඳහා භාවිතා කල ලොරි රථය (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

09 Oct 2024

පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1084 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 07 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අසූ හතරක (1084) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Oct 2024

විදේශීය දුම්වැටි 2020 ක්‍ ප්‍රවාහනය කළ සැකකරුවෙක් කරුවලගස්වැවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව අද දින (2024 ඔක්තෝබර් 05) පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී බස් රථයක රැගෙන යමින් තිබූ විදේශීය දුම්වැටි දෙදහස් විස්සක (2020) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

05 Oct 2024

විදේශීය දුම්වැටි 1500 ක් සමඟ පුද්ගලයන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ඔක්තෝබර් මස 03 වන දින කොළඹ හෙට්ටියාවත්ත සහ තලෛමන්නාරම පේසාලේ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් පන්සියක (1500) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ සැකකාරියක (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.

04 Oct 2024

විදේශීය දුම්වැටි 1400 ක් සමඟ සැකකරුවෙක් කොළඹ වරාය නගර පිවිසුම් දොරටුව අසළදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ පොලිස් මධ්‍යම අපරාධ පරික්‍ෂණ කාර්යාලය හා එක්ව 2024 ඔක්තෝබර් මස 02 වන දින කොළඹ වරාය නගරය අවට ප්‍රදේශය තුල සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් හාරසියයක (1400) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.

03 Oct 2024

විදේශීය දුම්වැටි 2200 ක් සමඟ සැකකරුවෙක් කැකිරාවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 සැප්තැම්බර් මස 30 වන දින කැකිරාව බලලුවැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු විදේශීය දුම්වැටි දෙදහස් දෙසියක (2200) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.

01 Oct 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින උදෑසන (2024 සැප්තැම්බර් 29) මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහත් දෙනෙකු (17) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Sep 2024

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 25 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය මුහුදු ප්‍රදේශයෙහි 2024 සැප්තැම්බර් මස 28 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි පස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Sep 2024