මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 882ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 පෙබරවාරි මස 25 වැනි දින කල්පිටිය ආනවාසල සහ මොහොත්තුවාරම් ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ සහ ලඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය අසූදෙකක (882) පමණ තොගයක් සමඟ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

27 Feb 2026

දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, ගැඹුරු මුහුදේදී රෝගාතුරව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද (2026 පෙබරවාරි 24) උදෑසන කටයුතු කෙරිණි.

24 Feb 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් ‍02ක් හලාවතදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත සහ තුඩුවාව මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 21 වැනි දින සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි සහ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් නවසිය අනුදෙකකට (992) අධික තොගයක්, විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හතලිස් දහසක් (140,000), කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

24 Feb 2026

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 පෙබරවාරි මස 22 දින රාත්‍රී කාලයේ, මන්නාරමට දකුණු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ‍දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Feb 2026

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 10 ක් කිලිනොච්චි ඉරණතිව් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි ඉරණතිව් බටහිර මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 23 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස දෙනෙකු (10) සමඟ මුහුදු කූඩැල්ලන් එක්දහස් දෙසීය තිස් දෙකක් (1232), ඩිංගි යාත්‍රා තුනක් (03) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Feb 2026

විදේශීය කංසා කිලෝ 02ක් ‍‍සමඟ සැකකරුවෙක් පුත්තලම සාලියවැව ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා එක්ව, පුත්තලම සාලියවැව ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය කංසා කිලෝග්‍රෑම් දෙකක (02) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

23 Feb 2026

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2026 පෙබරවාරි මස 18 වැනි දින රාත්‍රී කාලයේ, මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Feb 2026

නීති විරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1400කට අධික තොගයක් හලාවතදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත, මුතුපන්තිය මුහුදු ප්‍රදේශයේ සහ ආරච්චිකටටුව වයිරම්කට්ටුව ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 17 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ සහ ප්‍රවාහනයට සූදානම්කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය හතකට (1407) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Feb 2026

නීති විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි 2000ක තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරාය පොලීසිය හා එක්ව කොළඹ වරාය තුල 2026 පෙබරවාරි මස 16 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි දෙදහසක (2000) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

18 Feb 2026

විදේශීය දුම්වැටි 9000ක තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගෝණහේන පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව වත්තල හැඳල ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය දුම්වැටි නව දහසක (9000) පමණ තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගනිමින් ත්‍රී රෝද රථයක් මඟින් ප්‍රවාහනය කල පුද්ගලයෙකු (01) 2026 පෙබරවාරි මස 17 වැනි දින නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

18 Feb 2026