මෙහෙයුම් පුවත්
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 193ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර එකොලහක් (11) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 දෙසැම්බර් 24) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ දෙකකට (172) අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් විසි එකකට (21) කට අධික තොගයක් ඇති බවට තහවුරු විය. එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්විය.
25 Dec 2025
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් තලෛමන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, අද අළුයම් කාලයේ (2025 දෙසැම්බර් 23) තලෛමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Dec 2025
ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 02 ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති අධික සුළං හේතුවෙන්, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු ප්‍රදේශයේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 දෙසැම්බර් මස 15 වැනි දින සිදුකල විශේෂ මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමට කටයුතු කෙරිණි.
19 Dec 2025
රුපියල් මිලියන 31කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ අද (2025 දෙසැම්බර් 17) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ විදේශීය කංසා කිලෝ ග්‍රෑම් එකසිය හතලිහකට (140) අධික තොගයක් සමඟ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Dec 2025
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 06 සිට 15 දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) සහ යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදුකළ මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් තිස්හයක් (36) සමඟ එක් සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
18 Dec 2025
රුපියල් මිලියන 06කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් යාපනය ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලියායි වෙරළ ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 14 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ තීරයේ සඟවා තිබූ විදේශීය කංසා කිලෝ විසි හයයි (26) ග්‍රෑම් නවසියයක (900) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Dec 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලොග්‍රෑම් 1740ක තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 10 වැනි දින හලාවතට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හත්සිය හතලිහක (1740) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Dec 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලොග්‍රෑම් 1740ක තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 10 වැනි දින හලාවතට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හත්සිය හතලිහක (1740) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Dec 2025
රුපියල් මිලියනයකට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මන්නාරම පල්ලියිමුනෙයි ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 10 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, විදේශීය කංසා කිලෝ ග්‍රෑම් හයක (06) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
12 Dec 2025
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
නැගෙනහිර මුහුදේ, ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් 16 ක් (කිමි 29ක් පමණ) දුරින් වු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් 2025 දෙසැම්බර් මස 10 දින රාත්‍රීයේදී කටයුතු කෙරිණි.
12 Dec 2025


