මෙහෙයුම් පුවත්
අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට
පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ දැඩි සුළං හේතුවෙන් මෙරට මුහුදු තීරයට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් වයඹ වෙරළ තීරයේදී මෙන්ම දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2021 ජුනි 17 වන දින සොයා ගන්නා ලදී.
18 Jun 2021
MV X-PRESS PEARL නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුම
MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතුවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී.
18 Jun 2021
රුපියල් මිලියන 39 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කයිට්ස්, කරම්පන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරල ගංජා කිලෝ 130යි ග්‍රෑම් 760ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) 2021 ජුනි17 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Jun 2021
නීති විරෝධී ලෙස රැගෙන ආ වියලි කහ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජුනි 16) උදෑසන මන්නාරම, කොන්තපිඩ්ඩි සහ සිලාවතුර, අරිප්පු යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 370කට අධික ප්‍රමාණයක් සමඟ එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 294කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Jun 2021
රුපියල් මිලියන 71 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරල ගංජා කිලෝ 237 යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2021 ජුනි14) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Jun 2021
රුපියල් මිලියන 1758කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ 2021 ජුනි මස 12 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.
13 Jun 2021
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4040 ක් සමඟ සැකකරුවන් 45ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස සිට මේ දක්වා (2021 ජුනි 05) උතුරු සහ උතුරු මැද නාවික විධානයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4040 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 45ක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Jun 2021
නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ සහ වියලි කහ සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 514 ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 70ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නාවික හමුදා භාරයට ගැනීමට අද (2021 ජුනි මස 08) දින කටයුතු කෙරිණි.
08 Jun 2021
මුහුදේදී අසාධ්‍ය තත්වයට පත් තවත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
බේරුවලට නිරිත දෙසින් නාවික සැතපුම් 85ක් පමණ (කිලෝ මීටර් 157ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ තවත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2021 ජුනි 07) කටයුතු කරන ලදී.
07 Jun 2021
ගං වතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක්
අධික වර්ෂාව හේතුවෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත් තුළ ඇති වි තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 32ක් නාවික හමුදාව විසින් යොදවා ඇති අතර, අද දිනයේද (2021 ජුනි 07) මෙම සහන කණ්ඩායම් අඛණ්ඩව ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සිදු කරමින් සිටියි.
07 Jun 2021


