මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 103 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 12) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Jul 2021
නාවික හමුදාව මඟින් ගාල්ල, අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ.
බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 ජූලි මස 10 වන දින ක්‍රියාත්මක කෙරිණි.
11 Jul 2021
ගංවතුර අවදානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ
තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඇති විය හැකි ගං වතුර අවධානම හමුවේ ජනතාවට සහන සැළසීම සඳහා කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 08ක් යොමු කිරීමට අද (2021 ජූලි 10) නාවික හමුදාව කටයුතු කරන ලදී.
10 Jul 2021
රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කෝවිලම් ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 06) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 98යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jul 2021
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 442 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස 01 වන දින සිට ජුනි මස 30 වන දින දක්වා ගතවූ මාස 03ක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 442 ක් සහ ධීවර යාත්‍රා 153 ක් ඇතුළු ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.
02 Jul 2021
දින 03ක් තුලදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් රැගෙන ආ වියලි කහ කිලෝ 2000කට අධික තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජුනි 29, 30 සහ ජූලි මස 01 යන තෙදින (03) තුළ මන්නාරම, අච්චානකුලම්, නරුවිලිකුලම් සහ සවුත්බාර් යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2021 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සමඟ එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 06ක්, ඩිංගි යාත්‍රා 02 ක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Jul 2021
නාවික සේවය ඉක්මවන, සොඳුරු හදවත්
හමුදා පුද්ගලයෙකු කියූ පමණින් අප සිහියට නැගෙනුයේ රළු ගති පැවතුම් සහිත ඉතා තදින් හැසිරෙන දෘඩ පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකි. නමුත් එම සෑම පෞර්ෂයක් තුළම සොඳුරු හදවතක් ඇති බව නම් සත්‍යකි. වසර 33 ක නාවික හමුදා සේවයට සමුදුන්, රියර් අද්මිරාල් අනුර ධනපාල ද ගහ කොළ සතා සිවුපාවා කෙරෙහි ඉමහත් ලෙන්ගතුකමක් දැක්විය. පහත දැක්වෙන්නේ ඔහු නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති ධූරය දැරූ කාල සීමාව තුළ වූ සිදුවීම් දෙකකි. විලෝපික සතුන්ගේ ගොදුරු බවට පත්වී මිලින වන්නට ඉඩහසර තිබූ අසරණ සතුන් ආරක්ෂා කිරීමට, රියර් අද්මිරාල් අනුර ධනපාල තම නාවික පිරිස සූදානම් කරමින් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටියේය.
27 Jun 2021
රුපියල් මිලියන 52 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජුනි 20 දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් තවත් කේරල ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Jun 2021
හලාවත මුහුදු තීරයෙන් තවත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත, මුක්කු තොඩුවාවට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අද (2021 ජුනි 20) සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙරළ තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 23කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Jun 2021
පසුගිය දින 05 ඇතුළත පමණක් නාවික හමුදාව රුපියල් බිලියන 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ කේරළ ගංජා නීතියේ රැහැනට හසුකර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත, කරුකුපනේ සහ යාපනය මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජුනි 18 සහ 19 දිනයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 377 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, ඒ අනුව පසුගිය දින 05 තුළ දී පමණක් නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ කේරළ ගංජා නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.
19 Jun 2021


