මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 16කට අධික වටිනාකමින් යුත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය කීරිමූන්දලම වෙරළ තීරයේ අද (2021 අගෝස්තු 04) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 820ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Aug 2021
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 89 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජූලි මස 01 වන දින සිට ජූලි මස 31 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 89 ක් සහ ධීවර යාත්‍රා 30 ක් ඇතුළු ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.
02 Aug 2021
රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 ජූලි 31 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 109යි ග්‍රෑම් 150ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Aug 2021
රුපියල් මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
28 Jul 2021
රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 25 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක පමණ තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
26 Jul 2021
රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 ජූලි 22 දින වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 840 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Jul 2021
රුපියල් මිලියන 41 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 19 දින අළුයම් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 139යි ග්‍රෑම් 100ක පමණ තොගයක් ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මුහුදට දමා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Jul 2021
නාවික සැතපුම් 610 ක් දුර ගැඹුරු මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 610 ක් පමණ (කිලෝ මීටර් 1129 ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු ශ්‍රි ලංකා නාවික නෞකා ‘සයුරල’ නෞකාව මගින් හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා කඩිනමින් හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට, නාවික හමුදාව අද (2021 ජූලි 18) කටයුතු කෙරිණි.
18 Jul 2021
රුපියල් මිලියන 31කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 15 රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 103යි ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Jul 2021
ජාවාරම් කරුවන් විසින් රැගෙන ආ කහ කිලෝ 2360ක් වංකාලේ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජූලි මස 11 වන දින මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Jul 2021


