මෙහෙයුම් පුවත්

රුපියල් මිලියනයකට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය කුච්චවේලී ජයානගර් ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 21) දහවල් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 548ක පමණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Aug 2021

ජාවාරම් කරුවන් විසින් රැගෙන ආ වියලි කහ කිලෝ 235කට අධික ප්‍රමාණයක් ඕළුතුඩුවායි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 21 වන දින මන්නාරම, ඕළුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Aug 2021

රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සහ කහ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 අගෝස්තු 19 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 168 ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Aug 2021

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවෙක් නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් කල්පිටිය කළපුව තුළ පිහිටි කිලිතිව් දූපතේ 2021 අගෝස්තු 17 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 370 පමණ තොගයක් සමඟ සැකකරුවෙකු නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

17 Aug 2021

රුපියල් මිලියන 50ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් වැල්වැටිතුරේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 14) උදෑසන සිදුකළ විශේෂ පාමුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙ‍නෙකු (03) සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Aug 2021

නාවික පුද්ගලයන්ගේ අවධානය හේතුවෙන් මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි ගලවා ගැනේ

උස්වැටකෙයියාව වෙරළ තීරයට ආසන්න මුහුදේ 2021 අගෝස්තු මස 09 වන දින උදෑසන දියේ ගිලෙමින් ජීවිත අවධානමට පත්ව සිටි කාන්තාවකගේ ජීවිතය නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකුගේ (04) අවධානය සහ උත්සාහය හේතුවෙන් බේරා ගැනීමට හැකි විය.

10 Aug 2021

රුපියල් මිලියන 39 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 10) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 131යි ග්‍රෑම් 725ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

10 Aug 2021

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකරුවකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 07 වන දින ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

08 Aug 2021

නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 5300කට අධික තොගයක් නීතියේ රැහැනට

හලාවත තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ වියලි කහ කිලෝග්‍රෑම් 5300කට අධික තොගයක් සහිත ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් 2021 අගෝස්තු 07 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Aug 2021

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 71ක් පමණ (කිලෝ මීටර් 131ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයක් ඇතිවු මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2021 අගොස්තු මස 04 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී.

05 Aug 2021