ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 10 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් නවසිය තිස් නවයක් (939), ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.